wedding preperation

වෙඩින් එකට කලින් ඉඳල රුව ගැන සළකිලිමත් වෙන්න පටන් ගන්න

පහුගියදාක අපිට මුණගැහුණා ප්‍රවීන රූපලාවන්‍යශිල්පියෙක්. ඔහුගේ නම තමයි ඉන්දික ජගත් කුමාර.මනමාලියන් හැඩගැන්වීමට තමයි ඉන්දික වඩාත් දක්ෂ. ඔහු මංගල දිනය වෙනුවෙන් අදහස් දැක්වූයේ මෙහෙමයි

මංගල දිනය කියන්නේ කාන්තාවකගෙ ජීවිතේ සුවිශේෂිම දවස, ඉතින් ඒ දවසේදී ඇයගේ ලස්සන වැඩිකරලා දෙන වගකීම පැවරෙන්නේ අපිට, මම ඇයගේ මේ සුවිශේෂ දවස වෙනුවෙන් ඇයව සූදානම් කරන්න පටන් ගන්නෙ අඩුම ගානේ මාස 6කටවත් කලින් ඉදන්.

Salon Indika

වෙඩින් එකට දින තීන්දු උණාට පස්සේ, මුලින්ම තමන්ගේ රූපලවන්‍ය උපදේශක හම්බ වෙන එක වඩාත් හොඳයි. දැන් මගේ ළඟට එන මනාලියන් වෙන්න බලාපොරොත්තු වෙන අයට මම තමන්ගෙ රුව රැකගන්න උපදෙස් වල ඉදල මංගල ඇඳුම තෝරාගන්න වගේම බ්‍රයිඩ්ස්මේඩ්ස්ලා, ෆ්ලවර් ගර්ල්ස්ලා හැඩගැන්වීමට උපදෙස් දෙනවා. මනලියගේ ඇඳුම, කොන්ඩා මෝස්තරය පවා සැළසුම් කරන්න මට පුලුවන්. මාස 6කට කලින් එන අයට රුව රැකීම වගේම ශරීරයෙ හැඩය ආරක්ශා කරගන්න ක්‍රම පවා මම කියල ඩෙනව.

මාස 6ට අඩු කාලයක් තුල විවාහ වීමට ඉන්න අයට උනත් උපරිමයෙන්ම ඇයගෙ ස්වාභාවිකවම ඇයගේ රුව හා ශරීරයේ හැඩය ආරක්ෂා කරගැනීමට උපදේස් මම ලබා දෙනවා.

මනාලියගෙ තීම් එකට එයාගේ ස්කින් ටෝන් එක හා හැඩය අනුව මංගල ඇඳුම හා එහි පාට තෝරාගන්නත් මම උදව් කරනව වගේම, එය නිර්මානය කිරීමත් මගෙ අතින් සිද්ද වෙනව.

මනාලියන් හැඩගැන්වීමට අමතරව මගේ සැලෝන් එකේ කාන්තා සහ පිරිමි සඳහා එදිනෙදා සිදුකරන බියුටි හා හෙයාර් ට්‍රීට්මන්ට් සිද්ද වෙනව. මා හමුවීමට කෝල් එකක් දීල වෙලාවක් වෙන්කරගන්න පුලුවන්.

ඉන්දික සමඟ සම්බන්ධ වීමට මේ පිටුවට පිවිසෙන්න