Wedding එක මේ විදිහට plan කළොත් ලස්සන ඡායාරූප ටිකක් ඔබට ලැබෙයි

Wedding Photography – විවාහ උත්සවයක සැලකිය යුතු budget එකක් වෙන් කරන අත්‍යවශ්‍ය සේවාවක්. අත්දැකීමෙන් පරිණත, කලාත්මක විවාහ උත්සව ඡායාරූප ගත කිරීම් වලට බොහෝ දෙනෙක් අතර ජනප්‍රිය කෙනෙක් අද අපිත් එක්ක සාකච්ඡාවක යෙදුණා. ඔහු නමින් ලහිරු චරිත්, මහරගම Studio Sanroo ආයතනයෙන් ඔහු තම සේවාවන් සපයනවා.

ලහිරු, photographers ලට එකිනෙකාට ආවේනික වෙච්ච photography styles තියෙනවා. ඔබේ style එක ගැන කතා කළොත් ?

මම මුල් තැන දෙන්නේ මගේ client ට අවශ්‍ය theme එකට. විවාහ වන දෙදෙනා බලාපොරොත්තු වන theme එකට උපරිම සාධාරණයක් ඉටු කරන්නයි මම හැම වෙලේම උත්සහ කරන්නේ.

Wedding Pre shoot කියන්නේ අද කාලයේ weddings වල අනිවාර්ය අංගයක්. Wedding  එකකයි Pre shoot එකකයි සිදුවන දේ ගැන පොඩි විස්තරයක් කළොත් ?

Wedding එකකයි Free shoot එකකයි කියන්නේ සම්පූර්ණයෙන්ම වෙනස් අවස්ථාවන් දෙකක්. Pre shoot එකකදි couple එකත් එක්ක නිදහසේ ඡායාරූපකරණයක් තමයි සිදු කෙරෙන්නේ. එතනදි ලැබෙන නිදහස අපිටත්, couple  එකටත් wedding day එකේදි ලබෙන්නේ නෑ. සීමිත කාලයකදී, අවස්ථාවන් බොහෝමයක් අපි wedding එකේදි Capture කර ගත යුතුයි.

මේ ඔක්කොම වැඩ කටයුතු නිම වෙලා Wedding photo Album එක ලබාගන්න සාමාන්‍යයෙන් කොච්චර කාලයක් අවශ්‍යද ?

Wedding day එක නිම වෙලා සති 2ක් ඇතුලත Album එක ලබාදෙන්න අපිට පුලුවන්.

විවාහ වෙන යුවලගේ පාර්ශවයෙන් photographer ට ලැබිය යුතු support එක කොයි වගේද ?

වැදගත්ම දේ වෙලාවට පැමිණීම. ඊට අමතරව උත්සවයේ වැඩකටයුතු කර schedule ගැනීම.

Photographers ලට වැඩකටයුතු සාර්ථක කරගන්න සහයෝගය අවශ්‍ය අනෙක් පාර්ශවයන් ගැන සඳහන් කළොත් ?

Dress කරන අය, පෝරුව චාරිත්‍ර කරන අය ඒ වගේම coordinate කරන අයගේ සහයෝගයත් ලැබුනොත් අපිට හොඳ සේවාවක් ලබා දීලා ලස්සන ඡායාරූප එකතුවක් ලබා දෙන්න පුලුවන්.

සම්බන්ධ කර ගැනීමට මේ පිටුවට පිවිසෙන්න

Studio Sanroo Maharagama